නවතම පුවත්

ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝතසවය ඊයේ (31) සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

ඉතා අසනීප තත්ත්වයෙන් පසුවන ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රින්ස් උදයප‍්‍රියන්ත මහතාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිම වෙනුවෙන් රුපියල් ලක්ෂයක ආධාර මුදලක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය දා පිරිනමනු ලැබුවා.

ලෝකයේ සිදුවන ශීඝ්‍ර වෙනස්කම් හඳුනාගෙන ඊට අදාළව සෑම ක්ෂේත්‍රයක ම වෙනස්කම් සිදුකිරීමට පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ ඊයේ (08) පෙරවරුවේ කොළඹ 07 පිහිටි රාජ්‍ය චිත්‍රපට සංස්ථා පරිශ්‍රය තුළ ඉදිකෙරෙන ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය සඳහා ඉදිකරන නව සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින්.

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී චක‍්‍රලේඛයන්ට පටහැනිව නීතිවිරෝධී ලෙස මුදල් අයකිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැඩිව නීතිය කි‍්‍රයාත්මක කර තිබෙනවා. පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නීතිගත තත්ත්වයක් ඇති කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2015 වසරේ දී 5/2015 චක‍්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගත්තේ පාසල්වල විවිධ වැඩසටහන්, ව්‍යපෘති ඉදිරිපත් කරමින් පාසල් සිසු සිසුවියන් ගෙන් හා දෙමාපියන් ගෙන් මුදල් අය කිරීම, ආදි ශිෂ්‍ය සංගම් විසින් විවිධ ව්‍යාපෘති සඳහා සිදු කරන මුදල් සහ භාණ්ඩ එකතු කිරීම් මෙන් ම වෙනත් මුල්‍ය එක්රැස් කිරීම් පිළිබඳව ද මවුපියන්ගෙන් මතු වූ මැසිවිලි සැලකිල්ලට ගෙනයි.

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් තීරණාත්මක වෙනස්කම් සිදු කිරීමට ගන්නා තීන්දු තීරණ ප්‍රමාද කිරීමට හා ඒ සඳහා බාධා ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවත්, සිසුන්ට වඩා පහසුවෙන් භාවිතා කළ හැකි, වෛද්‍යවරුන් අනුමත කළ නවීන පුටු ලබාදීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ එවැනි හේතු මත බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් ක‍‍‍ළේ තමන් එවැනි ක්‍රියා මගින් අධෛර්යට පත් නොවී කෙසේ හෝ පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවයි.

රාජපක්ෂ රජය විසින් තමන්ගේ සිහිනයක් ඉටුකර ගැනීම පිණිස රටේ ජනතාව ණය උගුලක සිරකරමින් ඉදිකළ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල උපායශීලී ක්‍රියාමාර්ග හරහා රටට හා ජනතාවට වාසිදායක ආකාරයකින් මෙහෙයවීමට වර්තමාන රජය කටයුතු කරන බව ජාතික සේවක සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

කැළණිය ධර්මාලෝක විදුහලේ විදුහල්පතිවරයා සහ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරියක් ඒ අතර, කොළඹ රාජකීය විදුහලේ පළමු ශ්‍රේණියට 2017 වර්ෂය සදහා සිසුන් ඇතුළත් කිරීමේ දී ඇති වී තිබෙන අක්‍රමිකතාවන් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පත් කළ විශේෂ විමර්ශන කමිටුව මගින් සිදු කළ විමර්ශනවලින් පසු ප්‍රධාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිලධාරීන් තිදෙනෙකුගේ හා අභියාචනා මණ්ඩලයේ සිටි නිලධාරීන් සිව් දෙනෙකුගේ රාජකාරී වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කිරීම තම වගකීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2017 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිමේ ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සෑම වසරකම නිශ්චිත දිනයක්
පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී වැරදි සිදු කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනවා.
පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියයි.

මනෝ උපදේශනය පිළිබඳ විධිමත් පුහුණුවක් සහිත ගුරු භවතුන් 2,753ක් අධ්‍යාපන පද්ධතියට අලුතින් එක් කර ගැනීම කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්.

කාලයක් පුරා කලා ලොව ජය කෙහෙළි නංවා රටක් පින වූ එහෙත් ජීවිතයේ සැඳෑසමය දුෂ්කරව ගෙවන ටවර් හෝල් කලාකරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීමට හැකි වීම ගැන තමන් සතුටට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවති ටවර් හෝල් ශිල්පීන් හා ශිල්පිනියන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබා දීමේ උත්සවයට එක්වෙමින්.

පසුගිය මැතිවරණ සමයේ දී කුලියාපිටිය ජනතාවට වූ මැතිවරණ පොරොන්දුවක් මල්පල ගන්වමින් වයඹ ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට අභිමානවත් ප්‍රතිලාභ රැසක් අත්පත් කරදෙමින් ශ්‍රී ලංකා‍වේ ප්‍රථම යුරෝපීය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම ඊයේ සිදුකෙරුණා. ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.

Search