නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගේ උපදෙස් මත පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන වේගවත්ව සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබනවා. පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාලව පැවතීම හේතුවෙන් මතුව තිබූ ගැටලු ද විසඳීම සඳහා මැදිහත් වූ අමාත්‍යවරයා පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම් විධිමත්ව සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමට ද පියවර ගනු ලැබුවා.

ශ්‍රී ලංකාව තුළ ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර සාමය හා සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය හරහා විශාල කාර්යභාරයක් සිදු කළ හැකි අතර ඒ වෙනුවෙන් ජාතික මට්ටමින් ක්‍රියාත්මක විය හැකි විශේෂ ඒකකයක් පිහිටුවීම අද (23) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.

මීගමුව කඩොල්කැලේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සවස පැවැත්වුණා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන වේගවත්ව සංරක්ෂණය කිරීමටත් පුරා විද්‍යා ගවේෂණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබනවා. පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාලව පැවතීම හේතුවෙන් මතුව තිබූ ගැටලු විසඳීම සඳහා ද මැදිහත් වූ අමාත්‍යවරයා, පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම් විධිමත්ව සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමට ද මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාලක වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුබපැතුම් එක් කරනු ලැබුවා. ඒ අද (22) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ දී එම කණ්ඩායම සමග පැවති සුහද හමුවකට එක්වෙමින්.

වර්තමානයේ විභාග කේන්ද්‍රීය මානසිකත්වය මත දෙමාපියන් දරුවන් හා ගුරුවරුන් ක්‍රියා කිරීම නිසා දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී එම තත්වයන් වෙනස් කිරීමට වහාම කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

කෝට්ටේ ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ වාර්ශික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) එම විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වුණා.

බංකොලොත් දේශපාලකයන් ව්‍යාජ උද්ඝෝෂණ මවාපාමින් ජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධා ඇති කරමින් කරමින් පොලීසිය සමග අනවශ්‍ය ගැටුමකට ගොස් මිනිස් බිල්ලක් ගැනිමට උත්සාහ කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ පසුගිය (18) දා පැවති කුලියාපිටිය ගල්ගම්මුල්ල මංසන්ධියේ සිට කබල්ලෑව දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ උත්සවයට එක් වෙමින්.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 7,000 ක් සංවර්ධනය කිරීමට තෝරාගෙන තිබුණ ද ඇතැම් පළාත් සභා දේශපාලන බලවතුන්ගේ හා ඇතැම් පළාත් අධ්‍යාපන නිලධාරීන්ගේ දුර්වල ක්‍රියාකලාප හේතුවෙන් මෙතෙක් වැඩ ආරම්භ නොකළ ව්‍යාපෘති ද ඇති බවත් ඔවුන්ගේ එම ක්‍රියාකලාප සම්බන්ධව තම බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

පාසල් ක්‍රිකට් තරග සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට නියෝග කර තිබෙනවා. අමාත්‍යවරයා මේ නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය දා කොළඹ ප්‍රදේශයේ බාලිකා පාසලකට බාලක පාසල් කීපයක සිසුන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල් වීමේ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින්.

ජනතා ගැටලු කඩිනමින් විසදීම අරමුණු කර ක්‍රියාත්මක වන ජනපති නිල මෙහෙවර මීළඟ වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කය පදනම්කර පැවැත්වීමට තම ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතුයොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ පසුගිය (18) දා පැවති කුලියාපිටිය ගල්ගම්මුල්ල මංසන්ධියේ සිට කබල්ලෑව දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ උත්සවයට එක් වෙමින්.

කැකුණගොල්ල ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ (18) එම පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

Search