නවතම පුවත්

ලෝක උරුමයක් වන ඓතිහාසික දඹුල්ල ලෙන් විහාරයේ සිතුවම් නිසි අයුරින් සංරක්ෂණය කිරීමක් පසුගිය වසර 10ක කාලයක් තුළ සිදු කොට නොමැතිවීමෙන් 300කට අධික බිතුසිතුවම් විනාශයට පත් වෙමින් පැවතුණා. මේ සම්බන්ධව සුවිශේෂ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

වසර 2,700 ක් පැරණි සංරක්ෂණය කරන ලද ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය විවෘත කෙරෙයි
වසර 10 ක් තිස්සේ නිසි සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකළ දඹුලු බිතුසිතුවම් සංරක්ෂණයට විධිමත් පියවර

අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කරනුයේ රටේ ගුරු පරපුරයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රජයේ පාසල් 10162ක් තුළ දැනට ගුරුවරුන් දෙලක්ෂ තිස්දෙදාස් පන්සිය පනස්පහක් සේවයේ යෙදෙනවා. එහෙත් තවමත් අපේ රටේ ඇතැම් පාසල්වල ගුරු හිඟයක් සහ විශේෂයෙන් ම නගරබද පාසල්වල ගුරු අතිරික්තයක් පවතිනවා. පසුගිය රජය සමයේ සිදුව ඇති අක්‍රමවත් මුදාහැරීම් සහ බඳවාගැනීම් හේතුවෙන් මතුව ඇති මේ අයහපත් තත්වය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

වසර 2,700 ක් පැරණි මෙගලිතික යුගයේ මහා ශිලා සුසාන භූමියක් ලෙස හඳුනාගෙන ඇති ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය සංරක්ෂණය කර සංචාරකයින් සඳහා විවෘත කිරීම පසුගිය දා (11) අ‍ධ්‍යාපන අමාත‍්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

විදුහල්පතිවරුන්ගේ දීමනාව රු. 6,500 දක්වා ඉහළට
ගුරු උපදේශක සේවය ස්ථාපිත කෙරේ
වතු පාසල් හා ධර්මාචාර්ය ගුරු සහායක දීමනාව රු. 6,000 සිට 10,000 දක්වා වැඩි කෙරේ
ජාතික පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් 1,093 ක් බඳවා ගැනීමට පියවර
ජාතික හා පළාත් පාසල්වල ප්‍රාථමික සහ 6-11 ශ්‍රේණිවල සියලුම ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර
ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවාගැනීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළට
උතුරු නැගෙනහිර පළාත්වල ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන් 1,732 ක් සුදුසුකම් මත ගුරු සේවයට එක් කෙරේ

සංහිඳියාව තුළින් ශක්තිමත් වන නිදහස් අනාගතයක් සඳහා පෙළගැසෙමු

මෙවර අප සමරන්නේ 69 වෙනි ජාතික නිදහස් දිනයයි. අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව ඉන් මුදාගනිමින් නිදහස උදාකර දීමට සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ඇතුළු සියලු ජනවර්ගවලට අයත් ශ්‍රී ලාංකික ජනතාව සිදු කළ මෙහෙය අද දිනයේ දී අප ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.

කටාර් රාජ්‍යයේ (2008-2016) හිටපු සංස්කෘතික, කලා සහ උරුමයන් පිළිබඳ අමාත්‍ය හමඩ් අල් කවාරි (Hamad Al Kawari) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක් අද (14) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. 2017 ඔක්තොබර් මස පැවැත්වෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන හමඩ් අල් කවාරි මහතා එක්සත් ජනපදය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක කටාර් රාජ්‍යයේ තානාපතිවරයා වශයෙන් සේවය කර තිබෙනවා. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඊට අනුබද්ධ ආයතන රාශියක ඉහළ මට්ටමේ තනතුරු රාශියක් හොබවා තිබෙන ඒ මහතා ලෝකය පුරා පිළිගැනීමට ලක් වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රිකයක් වන අතර කටාර් හි රජතුමාගේ උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කරනවා.

පාසල් දරුවන්ගේ විනය, හික්මීම සහ හැසිරීම පිළිබඳ විදුහල්පතිවරුන්, සහ ගුරුවරුන් වෙත වැඩි වගකීමක් පැවරෙන බවත්, පාසල තුළ හෝ පාසලින් පරිබාහිරව සිසුන් විනය විරෝධී හැසිරීම්වල නිරත වීම සම්බන්ධව දෙමව්පියන්, ගුරුවරුන් මෙන් ම විදුහල්පතිවරුන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (6) පෙරවරුවේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්වෙමින්.

පුරා විද්‍යා ගවේෂණය හා සංරක්ෂණ කටයුතු විද්‍යාත්මක පදනමක් මත නවීන තාක්ෂණික උපකරණ හා විශේෂඥ සහය ලබාගෙන සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් හා අවශ්‍ය මගපෙන්වීම ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් ගවේෂණයට ලක් නොවූ ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කැනීම් කටයුතු සිදුකිරීමටත් ගවේෂණ කටයුතු වේගවත් කිරීමටත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

ලොවපුරා සුවහසක් බෞද්ධ බැතිමතුන්ගේ සහ පුරා විද්‍යාඥයින්ගේ නොමද අවධානයට ලක් වූ ඓතිහාසික රුවන්වැලි චෛත්‍යයේ වැලි මලුව ප්‍රතිසංස්කරණය කර වැලි ඇතිරීම පසුගිය (12) දා පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මූලික පිරිවෙන්වල දැනට භාවිතා කරන පෙළපොත් 1994 වසරේ සම්පාදනය කරනු ලැබ ඇති අතර එම පොත් යාවත්කාලීන කිරීමක් මෙතෙක් සිදු වී නැහැ. මේ පිළිබඳ අවධානය යොමුකරමින් පිරිවෙන් පෙළපොත් යාවත්කාලීන කොට කඩිනමින් ඒවා සිසුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පියවර ගෙන තිබෙනවා.

තායිවානයේ තායිපේ නුවරදී පවත්වන ලද Asia Pacific ICT Awards- 2016 තරගාවලිය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් මහනුවර ශා.අන්තෝනි විද්‍යාලයේ ගජින්දු කාවින්ද බණ්ඩාර සහ කවින්ද්‍ර ගිම්හාන් විජයවර්ධන යන සිසුන් විසින් කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස ඉදිරිපත් කරන ලද “Smart Walking Stick” නිර්මාණය සදහා රන් සම්මානය ( Gold Award)හිමි වූ අතර ඔවුන් ඇගයීමේ උත්සවයක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රදානත්වයෙන් අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. මෙම තරගාවලිය සදහා රටවල් 16 ක් නියෝජනය කරමින් නිර්මාණ 48 ක් පමණ ඉදිරිපත් ව තිබූ අතර ඒ අතරින් විශිෂ්ටතම නව නිර්මාණය වශයෙන් මෙම නිර්මාණය තේරී තිබෙනවා.

Search