නවතම පුවත්

15284852 10154847029959060 6067884251869668676 n

මෙවර අයවැය යෝජනා මගින් උසස්පෙළ සිසු දරුවන් 175,000 ක් සහ උසස්පෙළ ගුරුවරුන් 28,000 ක් වෙත ටැබ් පරිගණක ලබා දෙන බවත් විධිමත් නියාමනයකට යටත්ව ලබාදෙන එම ටැබ් පරිගණක සඳහා විෂය නිර්දේශ, පෙළ පොත්, ඊ පොත් සහ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග ඇතුළත් කරන බව ද ඒ සඳහා ශ්‍රී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතආයතනයේ (ICTA ) සහයෝගය ලබාගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (07) පැවසුවා.

15193599 10154829394624060 6834724699939208739 n
රටක අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ දී පාසල් පද්ධති‍ය ගුණාත්මකව සංවර්ධනය වීම අත්‍යවශ්‍ය කරුණකි. දක්ෂ විදුහල්පතිවරුන් මේ සඳහා පාසල් පද්ධතියට එක්කරගත යුතුව ඇත. එහෙත් පසුගිය වසර 10ක කාලයක් මුළුල්ලේ ශ්‍රේණිධාරී ගුරුවරුන් විදුහල්පතිවරුන් ලෙස පත් කිරීම සම්බන්ධව විභාග පවත්වා නොමැති අතර, බොහෝ පාසල්වල සිටියේ වැඩ බලන විදුහල්පතිවරුන් ය.

15232135 10154823073084060 8030302332382713178 n
නව ලොවට ගැළපෙන පරිදි හා ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතා සපුරාලිය හැකිවන පරිදි දේශිය අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා තාක්ෂණවේදය රට තුළ ප්‍රචලිත කිරීමට හා සිසුන්ට එම ක්ෂේත්‍රවලින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

15350636 10154839501344060 5047553826053900723 n
කෝටි ගණනක් වටිනා රසායන ද්‍රව්‍ය සහ විද්‍යාගාර උපකරණ ඇතුළු වටිනා සම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පත්තලගෙදර ගබඩාවේ විනාශ මුඛයට යමින් පවතින බවට ලද තොරතුරකට අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) දහවල් එහි හදිසි සංචාරයක නිරත වුණා.

15219651 10154826136949060 6736577464454724651 n
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ වෙනුවෙන් දැනට ලබාදෙන ගෙවීම් වැඩි කිරීමට කටයුතු කිරීමට තමා සූදානම් බවත්, ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ව්‍යාපෘති වෙනුවෙන් පර්යේෂකයින් යොමු විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

15230824 10154816119284060 4304844943268850417 n
පසුගිය කාලයේ නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී දූෂණ අක්‍රමිකතා රැසක් සිදු වූ වටපිටාවක අනවශ්‍ය මුදල් නාස්තිය ද දැයේ දරුවන් වෙනුවෙන් රජය වෙන් කරන ලද මුදල අපතේ හැරීම ද වළක්වා, රජය දරුවන් වෙත වැය කරන සමස්ත මුදල් ප්‍රමාණය ක්ෂය වීමකින් තොරව දරුවන් අතටම පත්කිරීමේ අරමුණින් නිල ඇඳුම් වවුචරපත් ක්‍රමය ක්‍රියාවට නැංවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරනවා.

15181193 10154823017659060 6398874584561347143 n
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම්ව වසර 10 කට වඩා පැරණි පරිගණක විද්‍යාගාර පවතින තෝරාගත් ජාතික පාසල් 26 ක් සදහා පරිගණක හා පරිගණක ආශ්‍රිත උපාංග ලබා දීම අද (30) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

23233232
පාසල් දරුවන්ගේ සමබර පෞරුෂ සංවර්ධනය ඇති කිරීම සඳහා ඉදිරියේ දී ක්‍රීඩා ගුරුවරුන් 5,000 ක් බඳවාගැනීමට පියවර ගෙන ඇති බවත් එහිදී අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව, දිවයිනේ සියලු පළාත් සභාවන්ගේ ද සහයෝගය ඇතිව පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගනිමින් එම කුසලතා සංවර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ‘අධිෂ්ඨාන’ ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

AAEAAQAAAAAAAAmFAAAAJGQzZDVhMmEzLWY1ZTktNDNmNC1iYzM5LTk1MWY5OTlkZjg4YQ
ජාත්‍යන්තරයේ ප්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන වොක්ස්වැගන් සමාගමේ ශාඛාවක් ඉදිකිරීම සඳහා එළඹෙන ජනවාරි 3 වැනි දා කුලියාපිටියේ දී මුල්ගල තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කර්මාන්ත ශාලාව ඉදිකිරීමත් සමඟ සෘජු හා වක්‍ර රැකියා රාශියක් ද නිර්මාණය වන අතර, මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමේ අවස්ථාව ද මෙරට තරුණ ප්‍රජාවට හිමිවනු ඇති.

15241848 10154822855999060 7176933709699974023 n
‘සංස්කෘතිය තුළින් සංහිඳියාව’ ‍තේමාව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශාඛාවේ මූලිකත්වයෙන් විදුරඟ සොබා සංස්කෘතික කළඑළිදැක්ම ඊයේ (29) කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

Akila Viraj Kariyawasam
මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුදල් කපා හැර ඇති බවට ඇතැම් පිරිස් සාවද්‍ය මතයක් ගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ ඊයේ (22) පැවති 2017 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරකසභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමින්.

Search