නවතම පුවත්

ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් උත්කර්ෂයෙන් සමරනු ලබන අසිරිමත් නත්තල් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සමස්‌ත කිතුනු ජනතාව වෙත මාගේ හදපිරි සුභාශිංසන පුද කර සිටිමි.

15542381 10154881533814060 5736135609022507441 n

හොඳ පොත් කියවීම සඳහා දරුවන් උනන්දු කරවීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී අද (14)  පැවති ජාතික කියවීම් මාසය නිමිති කරගෙන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය විසින් සංවිධානය කළ ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

f14a855e71266fce000280ce97ff2b84 M

ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ක්‍රීඩා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් පමණක් වෙන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මේ වනවිට ක්‍රීඩා මෙන්ම ප්‍රාථමික අංශයේ ගුරුවරුන් පුහුණු කිරීම ද ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු කෙරෙනවා.

පසුගිය දා පර්දාව පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසකට විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමට බාධා මතු කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පැමිණිල්ලක් ලැබී තිබුණා. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාගෙන් අමාත්‍යවරයා සෘජුවම කරුණු විමසීමට කටයුතු කළ අතර මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ විභාග නීතිය අනුව කටයුතු කරන ලෙසයි. එසේම කිසිදු අවස්ථාවක පර්දාව පැළඳ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් නොකරන ලෙසත් කාන්තා නිලධාරිනියක් ලවා හැඳුනුම්පත් සමග ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා.

නව වසරේ පළමු රාජකාරි දිනය වූ අද, අධ්‍යාපන අමාත්‍යාංශයට සුවිශේෂ දිනයක්. 2017 එළඹුණු නව වසරට ආශිර්වාද එක්කරමින් පවත්වන ලද විශේෂ සර්වාගමික වතාවත්වලට මුල්තැන දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු අද(02) පෙරවරුවේ ආරම්භ කෙ‍රුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. අධ්‍යාපන අමාත්‍යාංශයේ සුබසාධක සංගමය විසින් ‍මෙම උත්සවය සංවිධානය කර තිබුණා.

15439815 10154884480454060 3763898870548105986 n

කාලීන අවශ්‍යතා මෙන්ම ආගමික සංස්කෘතික හා ආර්ථික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් වූ අධ්‍යාපන ක්‍රමයක් මෙරට ස්ථාපිත කිරීමට ශ්‍රී ලාංකික අධ්‍යාපනඥයින් පුරෝගාමී මෙහෙවරක් සිදු කළා. අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, ඒවා ක්‍රියාත්මක කරවීම, ඇගයීම මෙන්ම ඒවා පසු විපරම් කරනු ලැබුවේද ඔවුන් විසින්. තම යුගයේ කාර්යභාරය නිම කොට ජීවිතයේ සැඳෑ සමය ගෙවන එම විශිෂ්ට අධ්‍යාපනඥයින් පිරිසක් ඇගයීමේ උත්සවයක් ඊයේ (14) සවස ජාතික අධ්‍යාපන ආයතනයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගයෙන්, අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය විසින්සංවිධානය කළ මෙම උත්සවයේ දී දිවයිනේ විශිෂ්ට අධ්‍යාපනඥයින් විසි දෙදෙනෙකු ඇගයීමට ලක් වුණා.

unnamed

ජපානයේ, විද්‍යා හා තාක්ෂණික ඒජන්සිය විසින් සංවිධානය කරනු ලබන ‘සකුරා විද්‍යා වැඩසටහන’ සඳහා සහභාගී වන සිසුන් වෙත ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම ඊයේ (08) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු‍ කෙරුණා.

ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීමක් අනුව කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී ඉදි කරනු ලබන මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) සවස 4.00 ට පැවැත්වීමට නියමිතයි.

15380429 10154869039614060 1611132564518996981 n

පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති යොදාගනිමින් පාසල්වල ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඒ තුළින් පාසල් පද්ධතිය තුළ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයත් AAT sri lanka ආයතනයත් එක්ව සංවිධානය කරන ලද  ජාතික පාසල් අතර "හොඳම වාර්ෂික වාර්තාව හා ගිණුම්" තේරීමේ තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා (11) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ දී පැවැත්වුණා. 

Sri Lanka Tours Sigiriya06
නව ආරක්ෂිත කැමරා පද්ධතියක්
සංචාරකයින් සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත්‍
චිත්‍ර සංරක්ෂණයට ජාත්‍යන්තර විශේෂඥ සහය

Search