නවතම පුවත්

senehasaka
උතුරු, දකුණු භේදයකින් තොරව, සම්පත් සමාන පරිදි බෙදාහැරීමට කටයුතු කිරීම වත්මන් රජයේ වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පාසල් දරුවන් සහ ගුරුවරුන්ගේත්, අධ්‍යාපන අමාත්‍යාංශයේත් දායකත්වයෙන් ඉදිකෙරුණු සෙනෙහසක තොටුපොළ අලිමංකඩ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට පසුගිය දා (28) එක්වෙමින්.

10
ජනතා අවශ්‍යතාවයන් ඉටු කරමින් රට සංවර්ධනය කරා ගෙනයාමේදී දේශපාලන බලය හෝ ජනප්‍රියත්වය ගැන නොසිතා රට වෙනුවෙන් නොබියව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ ආදර්ශය ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ චරිතයෙන් මනාව පැහැදිලි වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

14633720 10154704035494060 4554722915359072936 o
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට වසර 65ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (24) විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වුනා.

14682093 10209418436610363 724309361613638953 o
දේශියව හා ජාත්‍යන්තරව සිදුවන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් වැඩ ලෝකයට ගැළපෙන පරිදි අධ්‍යාපන පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගනිමින් සිටින බවත් එහි එක් පියවරක් ලෙස දැනට අ.පො.ස. (උ.පෙළ) හදාරන සිසුන්ට අමතරව සිසුන් 120,000 ක් පමණ අ.පො.ස. (උ.පෙළ) හැදෑරීම සදහා පාසල්වලට ඇතුළත් කරගැනීමට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

30
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය අද (13) මහනුවර බෝගම්බර පිටියේදී ආරම්භ වුනා. ලබන සඳුදා (17) දක්වා දින පහක් පුරා පැවැත්වෙන තරගාවලියට දිවයිනේ පාසල් 1452 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5121 ක් සහභාගී වෙති.

14800106 1251200918288711 1361566666 oදිවයින පුරා පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් එක්ව, සිය කැපවීමෙන් හා සාමූහිකත්වයෙන් “සෙනෙහසේ තොටුපොළ” ලෙස ගොඩනගන ලද, අලිමංකඩ දුම්රිය ස්ථානය එළඹෙන ඔක්තෝබර් 28 වන සිකුරාදා ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

14692021 10154663356854060 6066810795623222984 o
සිසුන්ට ඉගෙනීමට සුදුසු මානසික පරිසරයක් පාසල් පරිශ්‍රය තුළ ඇතිකිරීමේ අරමුණින් සහ අනාගත අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි දිවයිනේ සියලුම පාසල් ගොඩනැගිලි හා භූමි සැලසුම සකස් කිරීමට කටයුතු යොදා ඇති බව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ අද (14) උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ අවසන් දින ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

19
වයඹ විශ්වවිද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති වෛද්‍යපීඨයට මුල්ගල තැබීම අද (12) උදෑසන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සහ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය ලබුයාය මංසන්ධියේ, මහනුගලන්දවත්ත පරිශ්‍රයේ දී සිදුකෙරුණා.

14647219 10209469772333724 1756380146 o
ෆැෂන් බග් රූ සිත්තම් චිත්‍ර තරගාවලිය වෙනුවෙන් හැටදහසකට අධික පාසල් ළමුන් ඉදිරිපත්වූ අතර ඉන් තෝරාගත් සිසුන් 800 ක් අතුරින් පාසැල් දරුවන් 350 දෙනෙකු වෙනුවෙන් ත්‍යාග සහ සහතික පත්බෙදාදීම අද දිනයේ (22) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

14678017 10209360112192289 2023271115 o
වරප්‍රසාද ලත් ඉහළ පන්තියට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන අවස්ථා දැයේ සමස්ත දරුවන් වෙත ලබාදීමට පුරෝගාමී වූ ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ 132 වන ජන්ම දින සැමරුම 2016.10.13 දිනට යෙදී ඇති අතර කන්නන්ගර චින්තනය අනුව කටයුතු කිරීමේ වැදගත්කම ඉස්මතු කරමින් ජාතික මට්ටමින් වැඩසටහන් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Search