නවතම පුවත්

'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ ඉදි කළ කුලියාපිටිය බණ්ඩාරකොස්වත්ත මුස්ලිම් මහ විද්‍යාලයේ ද්විතීක කනිෂ්ඨ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිදු වුණා.

 

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත. උසස් පෙළ විභාගය සඳහා මෙවර නව විෂය  නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක් ද, පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475ක් ද  පෙනී සිටියි. ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 337,704ක් වන අතර මධ්‍යස්ථාන 2,678ක මෙවර උසස් පෙළ විභාගය පැවැත්වේ.

 

එමෙන් ම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2019 අගෝස්තු මස 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, සිංහල මාධ්‍යයෙන් සිසුන් 255,529ක් ද, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,840ක් ද මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි. ඒ අනුව, සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 339,369ක් වන අතර, මධ්‍යස්ථාන 2,995ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ,අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා

නව විදුහල්පති සේවා ව්‍යවස්ථා විධිවිධාන අනුව, දිවයින පුරා සියලු පාසල්වල පවත්නා 3 පන්තියේ විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම වෙනුවෙන් නවක විදුහල්පතිවරුන් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

2018 වසර වනවිට මෙරට සියලු පාසල්වල හඳුනාගත් 3 වන පන්තියේ විදුහල්පති පුරප්පාඩු සංඛ්‍යාව 1918ක් වන අතර ඊට අදාළ ව මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ජුලි මස 29 වැනි දා සිට ඇරඹෙයි. විදුහල්පතිවරුන් බඳවාගැනීමට අදාළ ව පැවැත්වූ තරග විභාගයෙන් ඉහළින් සමත් වූවන් අතුරින් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන අතර, මේ වනවිටත් අදාළ කැඳවීම් ලිපි යොමු කර ඇත.

මීට අමතර ව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන නිලධාරීන්ගේ නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk  වෙබ් අඩවියේ පළ කර ඇත. එමෙන් ම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ අදාළ වේලාවන් සම්බන්ධ තොරතුරු ද හෙට (19) සිට අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතයි.

'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ ඉදි කළ නාපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

 

අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දුන් 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව තුළ රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ට වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබාදීම අනිවාර්ය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව 2017 වසරේ සිට හඳුන්වා දී තිබෙන ජාතික වැඩසටහනකි.

අනාගත වැඩලෝකයට ගැළපෙන මානව සම්පත් මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම අරමුණු කරගනිමින් උසස් පෙළ විෂය ධාරාවට අලුතින් හඳුන්වා දී ඇති වෘත්තීය විෂය ධාරාව යටතේ වසර 13ක සහතික කළ අධ්‍යාපනයක් ලැබීමට මේ අනුව සිසුන්ට අවස්ථාව සලසා දී ඇත. මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය කවරක් වුව ද, මෙම විෂයධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඕනෑම සිසුදරුවෙකුට අවස්ථාව සලසා තිබීමයි.

සාමාන්‍ය පෙළ සමත් අසමත් භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව ලබන සියලු සිසුන්ට නවීන වැඩලෝකයට ගැළපෙන වෘත්තීය විෂයයන් 26ක් අතරින් තමන් කැමති විෂයයන් 3ක් තෝරාගැනීමට අවස්ථාව සලසා තිබීම ද තවත් විශේෂත්වයකි.

 

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ළමා මනෝවිද්‍යාව, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, ප්‍රාසාංගික කලාව, ශිල්ප කලා, කාර්ය සිද්ධි කළමනාකරණය, විලාසිතා නිර්මාණකරණය, පශුසම්පත් නිෂ්පාදන තාක්ෂණය,ආහාර නිෂ්පාදන සැලසුම් තාක්ෂණය,  ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය, ලෝහ පිරිසැකසුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොණික, සංචරණය හා

ආගන්තුක සත්කාරය, පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණය ඇතුළු වෘත්තීය විෂයයන් 26ක් ඒ අනුව මෙම වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් කර තිබේ.

මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට පළමු වර්ෂය පාසල තුළ තෝරාගත් විෂය ක්ෂේත්‍ර තුනක් යටතේ න්‍යායාත්මක පුහුණුවක් ලබාගැනීමටත් දෙවැනි වර්ෂයේ දී ඒ අතරින් තමා වඩාත් කැමති විෂය තෝරාගනිමින් රැකියාභිමුඛ පුහුණුවක් ලබාගැනීමටත් අවස්ථාව සැලසෙයි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, වැවිලි භෝග කළමනාකරණ ආයතනය, ක්‍රීඩා අධ්‍යයන ආයතනය ඇතුළු රජයේ පුහුණු ආයතන රැසක් මේ වනවිට වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් වෙත ආයතනික පුහුණුව ලබාදීමට පියවර ගෙන සිටියි.

සිංහල මෙන් ම දෙමළ මාධ්‍යයෙන් ද මෙම වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබා දී ඇති අතර මේ වනවිට දෙමළ මාධ්‍යයෙන් වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම කෙරෙන පාසල් සංඛ්‍යාව 106කි.

2017 වසරේ දී නියාමක ව්‍යාපෘතියක් ලෙස පාසල් 42ක් තෝරාගනිමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2018 වසරේ දී තවත් පාසල් 154ක් ද, 2019 වසර වනවිට පාසල් 114ක් ද සම්බන්ධ කරගනිමින් මේ වනවිට පාසල් 310ක සාර්ථක ව ක්‍රියාවට නැංවෙයි. මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන  සිසුන්ට වසර දෙකක පුහුණු කාලසීමාව අවසානයේ දී ජාතික වෘත්තීය සුදුසුකම 4 මට්ටම (NVQ Level 4)  ලබාදෙන අතර, ඉන් අනතුරුව උපාධි මට්ටම තෙක් වැඩිදුර අධ්‍යාපන අවස්ථා ලබාගැනීමට ද, දේශීය හා විදේශීය රැකියා අවස්ථා ලබාගැනීමට ද ඉඩප්‍රස්ථා සැලසෙයි. මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමට ද පාසල්වල සුහුරු පන්තිකාමර ද ඇතුළත්ව ඉඩ පහසුකම් ලබාදීමට ද මේ වනවිටත් පියවර ගෙන තිබේ.

සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොතකා ශ්‍රී ලාංකීය සිසු දරුදැරියන්ට උසස් පෙළ හැදෑරීමට ඉතා අගනා අවස්ථාවක් රජය මගින් සලසා දී ඇති මෙවන් වකවානුවක, සුබවාදී ආකල්ප සහිතව මෙම වැඩපිළිවෙළට  දායකත්වය ලබාදෙන මෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාර්ශව වෙතින්  ඉල්ලා සිටියි.

ගුරු-විදුහල්පති සේවාවේ දිගු කලක් තිස්සේ විසඳුම් ලබා නොදී පැවති ගැටලු රැසකට විසඳුම් ලබා දෙන්නට තම නායකත්වය යටතේ හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වඩාත් සක්‍රීය ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලැබෙන දායකත්වය සුළුපටු නොවන බවත්, සියලු වෘත්තිකයින් බිහිකළ හැකි එකම වෘත්තිය ගුරු වෘත්තිය වන හෙයින් රැකියාවකට  එහා විහිදුනු ගෞරවනීය වෘත්තියක නිරත වන සියලු ගුරු-විදුහල්පතිවරුන් වෙත කෘතවේදීත්වය පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් පුහුණු මානව සම්පත් ආයෝජනය කළ යුතු බවත් සේවා තෘප්තියක් සහිතව තම වෘත්තීය මෙහෙවරෙහි  යෙදෙන්නට සියලු ගුරු-විදුහල්පතිවරුන්ට අවකාශ සැලසිය යුතු බවත්  අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරයි.

2015 වසරේ දී අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු ආරම්භ කරන්නටත් පෙර විපක්ෂයේ වසර  10 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක් වශයෙන් ගුරු-විදුහල්පති සේවාව තුළ පැවති විවිධ ගැටලු හඳුනාගත් බැවින් ඒවාට විසඳුම් ලබාදීම වෙනුවෙන් හඞ නැගු බවත්, පසුගිය රජය සමයේ මෙරට ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගැටළු සම්බන්ධ ව නිසි අවධානය යොමු නොකිරීම සහ දේශපාලන න්‍යායපත්‍ර අනුව වාසිදායක තීන්දු තීරණ පමණක් ක්‍රියාවට නංවමින් කටයුතු කිරීම හේතුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පැහැදිලිවම වෘත්තීය පසුබැමකට හා කළකිරීමට ලක්ව සිටි බවත්, මේ නිසා අන්  කවර රජයකටත් වඩා එම ගැටලු කෙරෙහි සංවේදීවෙමින් දිගුකාලීන ස්ථාවර විසඳුම් ක්‍රියාවට නැංවුයේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියි. වැටුප් සම්බන්ධ ව සලකා බැලීමේ දී  2015 වසරේ පැවති තත්ත්වය සහ 2020 වසර වනවිට එක් එක් ශ්‍රේණිවල ගුරු-විදුහල්පතිවරුන්ට උපයාගත හැකි වැටුප වැඩිවී ඇති ආකාරය අනුව මේ බව මැනවින් තහවුරු වෙයි.

2015 වසරේ දී ගුරු සේවයේ 3 පන්තියේ ii  ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප රුපියල් 13410/- සිට 2020 වර්ෂයේ දී එය රු 27740/- දක්වා රුපියල් 14330කින් වැඩි වී ඇත. එමෙන් ම ගුරු සේවයේ පළමු පන්තියේ ගුරුවරයෙකුට රු 81950/-ක් දක්වා වන උපරිම වැටුපක් සියලු දීමනා සහිත ව උපයාගත හැකි ය. 2015 වසරේ දී පළමු පන්තියේ ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප වූයේ රු 21750/-කි.   විදුහල්පති සේවයේ 1 පන්තියේ නිලධාරියෙකුට මේ අනුව දීමනා සහිත ව උපයාගත හැකි උපරිම වැටුප රු 91425/-කි.  2015 වසරේ දී 1 පන්තියේ විදුහල්පතිවරයෙකුගේ ආරම්භක මූලික වැටුප වූයේ රු 22415/කි.

 තව ද, විශ්‍රාම වැටුප අවමය රු  2800/- සිට උපරිමය රු 20,000/-ක් දක්වා ඉහළ නැංවීමට ද කටයුතු කර ඇත.  මීට අමතරව, අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ වගන්ති 16ක් සංශෝධනය කරමින් ගුරුවරුන්ගේ  උසස්වීම් සඳහා පැවති බාධා මේ වනවිට ඉවත් කර ඇත. මෙතෙක් පැවති රජයන් යටතේ නිසියාකාරව සිදු නොවුණු ගුරු-විදුහල්පති පුහුණු කටයුතු වඩාත් ක්‍රමවත් කරමින් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා දරුවන් වෙත ලබාදීමට හැකි පුහුණු මානව සම්පත් ලෙස ගුරු-විදුහල්පතිවරුන් සංවර්ධනය කිරීම වෙනුවෙන් දේශීය හා විදේශීය පුහුණු අවස්ථා රැසක් සම්පාදනය කර කරන ලදී.

එමෙන් ම, 2015 වසර වන විට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පැවති 3 පන්තියේ පුරප්පාඩු වෙනුවෙන් කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව, 2016 වර්ෂයේ දී නිලධාරීන් 3901ක් බඳවාගැනීමට කටයුතු කරන ලදී. නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග ඇති වූ විදුහල්පති සේවයේ 2-1 පන්තියේ සිටි නිලධාරීන් 2000කට ආසන්න පිරිසකට ඇති වී තිබූ විශ්‍රාම වැටුප් හා වැටුප් ලබාගැනීමේ ගැටළුවට සේවා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් සහන ලබාදීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියට සහ 1 පන්තියට උසස්වීම් ලබාදීම 2015 වසර තෙක් ප්‍රමාද වී පැවති අතර 2016 වසරේ දී එය කඩිනම් කිරීමට විධිවිධාන යොදා ඇත. 2015 වසරේ දී රුපියල් 750ක් වැනි සුළු දීමනාවක් ලෙස  පැවති විදුහල්පති දීමනාව මේ වනවිට රුපියල් 6500/-ක් දක්වා ඉහළ නංවා තිබේ.

නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ කටයුතු වල 2015ට පෙර පැවති ප්‍රමාදය ඉවත් කරමින් එම කටයුතු කඩිනම් කිරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලදී. එමෙන් ම අධිසේවක පදනම මත විදුහල්පති තනතුරු ලබාගත් නිලධාරීන් විශ්‍රාමගැන්වීමේ දී ඇති වී තිබූ ගැටළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් විසඳීමට කටයුතු කරන ලදී. එසේ ම, අධිසේවක පදනම මත පත්වීම් ලත් නිලධාරීන්ගේ වැටුප් සැකසීමේ දී ඇති ව තිබූ ගැටළුකාරී තත්ත්වයන්ට ද විසඳුම් ලබා දී තිබේ.

2005/2006 වර්ෂයේ විදුහල්පති සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් පැවති සීමිත තරග විභාගය මත අවස්ථා 4 ක දී පත්වීම් ලබාදීම හේතුවෙන් එම පත්වීම්ලාභීන්ට ඇති වී තිබූ ගැටළු සඳහා අන්තර්කාලීන විධිවිධාන දීර්ඝ කිරීම තුළින් සහන ලබාදීමට කටයුතු කර ඇත. මේ වන විට විදුහල්පති සේවයට නවක නිලධාරීන් 1918ක් බඳවා ගැනීමට ද කටයුතු කරමින් පවතී.

නිදහස් අධ්‍යාපනය ක්‍රියාවට නැංවීමෙන් පසුව මේ දක්වා ගත වූ දශක කිහිපයක ඉතිහාසය විමසිලිවත් ව සොයාබලන ඕනෑම අයෙකුට, මෑතකාලීන ව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුකර ඇති වෙනස්කම්, හඳුන්වා දී ඇති නව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙන් ම භෞතික හා මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ක්‍රියාත්මක වී ඇති ආකාරය හොඳින් අවබෝධ කරගත හැකිවනු ඇති බව ද, ජනප්‍රිය දේශපාලන තීන්දු වෙනුවට රටේ අධ්‍යාපනයේ දැවෙන ගැටළු කෙරෙහි සංවේදී වෙමින් ඒවා එකින් එක විසඳමින් රටේ දරුවන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කටයුතු කරනවිට අධ්‍යාපනයට හිතැති බුද්ධිමත් පුරවැසියන් කළ යුත්තේ දේශපාලන භේදයකින් තොරව ඒ වෙනුවෙන් සහයෝගය ලබාදීම බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙතෙක් අධ්‍යාපන පද්ධතියේ පැවති ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දුන් ආකාරයට ම ගුරු වැටුප් විෂමතා සම්බන්ධව ස්ථාවර විසඳුම් ලබාදීමට ද මේ වනවිටත් කටයුතු කරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.


ගුරු සහ විදුහල්පති වැටුප් වැඩිවීමේ ආකාරය පිළිබිඹු කෙරෙන වගු සටහන මේ සමඟ යොමු කර ඇත.

 

ශ්‍රී ලංකා ගුරු සේවයේ එක් එක් ශ්‍රේණි අනුව 2015 වර්ෂයේ සිට වැටුප් වැඩිවීම

 


පන්තිය හා ශ්‍රේණිය

2015


(ආරම්භක මූලික වැටුප)




2020 (ආරම්භක මූලික වැටුප)

වැඩිවීම

 3 පන්තියේ II ශ්‍රේණිය

රු 13410/-

රු 27740/-

රු 14330/-

3-1 පන්තියේ


ඇ ශ්‍රේණිය

රු 14280/-

රු 29540/-

රු 15260/-

3-1 පන්තියේ


ආ  ශ්‍රේණිය

රු 14640/-

රු 30300/-

රු 15660/-

3-1 පන්තියේ


අ ශ්‍රේණිය

රු 15540/-

රු 32200/-

රු 16660/-

2 පන්තියේ  II ශ්‍රේණිය

රු 16100/-

රු 33300/-

රු 17200/-

2 පන්තියේ  ශ්‍රේණිය

රු 18950/-

රු 39175/-

රු 20225/-

1 පන්තිය

රු 21750/-

රු 44950/-

රු 23200/-











පන්තිය හා ශ්‍රේණිය

දීමනා සහිත ව උපයාගත හැකි උපරිම වැටුප

3 පන්තියේ II ශ්‍රේණිය

රු 39540/-

3-1 පන්තියේ


ඇ ශ්‍රේණිය

රු 40220/-

3-1 පන්තියේ


ආ  ශ්‍රේණිය

රු 42120/-

3-1 පන්තියේ


අ ශ්‍රේණිය

රු 43390/-

2 පන්තියේ  II ශ්‍රේණිය

රු 48795/-

2 පන්තියේ  ශ්‍රේණිය

රු 54425/-

1 පන්තිය

රු 81950/-

 



 



 



 



 



 



 



 

විදුහල්පති සේවයේ එක් එක් පන්තිය සඳහා 2015 වසරේ සිට වැටුප් වැඩිවීම්

 


පන්තිය

2015

2020

වැඩිවීම්

ශ්‍රී.ලං.වි. සේ.3

රු.17060/-

රු.35280/-

රු.18220/-

ශ්‍රී.ලං.වි. සේ.2

රු.19370/-

රු.40040/-

රු.20670/-

ශ්‍රී.ලං.වි. සේ.1

රු.22415/-

රු.46325/-

රු.23910/-

 


පන්තිය

දීමනා සහිත ව උපයාගත හැකි උපරිම වැටුප

ශ්‍රී.ලං.වි. සේ.3

රු.53740/-

ශ්‍රී.ලං.වි. සේ.2

රු.60240/-

ශ්‍රී.ලං.වි. සේ.1

රු.91425/-

 



 



 



'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ ඉදි කළ ගිරිඋල්ල අධ්‍යාපන කළාපයේ ගෝනුල්ල විද්‍යා දීප්ත ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා

-         අධ්‍යාපන අමාත්‍ය,  නීතීඥ අකිල විරාජ් කාරියවසම්

විපක්ෂයේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් අධ්‍යාපනය සම්බන්ධයෙන් හඩනැගූ අයෙක් වශයෙන් තමා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා ලෙස පත්වන විටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති බොහෝ ගැටළු හඳුනා ගෙන සිටි බවත්, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප සියයට 106කින් වැඩි කළා සේ ම, මුදල් අමාත්‍යාංශයේ ද සහාය ලබාගනිමින් ගුරු වැටුප් විෂමතාව ද ඉදිරියේ දී විසඳීමට කටයුතු කරන බව ද, අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ළඟම පාසල හොඳම පාසල සංවර්ධන ව්‍යාපෘති ආධාර යටතේ රුපියල් මිලියන 55ක ප්‍රතිපාදනයෙන් ගිරිඋල්ල, හෙන්ඩියගල රතනපාල මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය, කණිෂ්ඨ  ද්විතීයික විද්‍යාගාරය  සහ තාක්ෂණ ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් අද (19)  පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, “මම පසුගිය දා පුවත්පත්වලට නිකුත් කළා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කර ඇති ආකාරය ගැන. අපි සියයට 106කින් ගුරු වැටුප් වැඩිකරල තියෙනවා. පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ මූලික වැටුප තිබුණෙ රු21,750/යි.  දැන් ජ්‍යේෂ්ඨත්වය අනුව දීමනා සහිත ව, රුපියල් 81,950/- ක් දක්වා උපයා ගන්න පුළුවන්. විදුහල්පතිවරුන්ගේ වැටුපත් ඊට අනුව වැඩිකරල තියෙනවා. ඒවගේ ම විදුහල්පතිවරයෙකුගේ දීමනාව රු 6500 තෙක් වැඩිකරල තියෙනවා...”යැයි ද පැවසී ය.

රජය ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප රු2,800 සිට 20,000 දක්වා වැඩිකර ඇති බවත්,  රුපියල් 1000ක් 2000ක් වෙනුවෙන් එදා වර්ජන කළ අය කිසිවෙකුටත් අද චෝදනා කළ නොහැකි බවත්, ගත වූ වසර  4-5 තුළ වත්මන් රජය ගුරු -විදුහල්පති වැටුප් වැඩිකර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, තවදුරටත් කරුණු දක්වමින්, දරුවන්ගේ  අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන්නට කටයුතු කරන අය තම හෘදසාක්ෂියට එකඟව සිතා බැලුවොත් එය ඉතා අසාධාරණ බව අවබෝධ කරගනු ඇති බව ද කියාසිටියේ ය.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

මීට සමගාමී ව ගිරිඋල්ල නාපොකුණ ප්‍රාථමික විද්‍යාලය, ගිරිඋල්ල ගෝනුල්ල විද්‍යාදීප්ති ප්‍රාථමික විද්‍යාලය සහ ගිරිඋල්ල ජය ශ්‍රී ප්‍රාථමික විද්‍යාලයේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ රුපියල් මිලියන 12 බැගින් වන මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සිසු අයිතියට පත්කිරීම ද අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින සිදුකෙරිණි.

මොහොතින් මොහොත ලෝකය වෙනස් වන බවත්,  දැනුම ශීඝ්‍රයෙන් අලුත් වන බවත්, වසර 20ක් 30ක් එපිට ඇති  ඉදිරි අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම, තාක්ෂණය සහ රැකියා සමඟ අලුත්වන අනාගතය වෙත රැගෙන යායුතු බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්  මහතා පවසයි.

අමාත්‍යවරයා, මේ බව සඳහන් කළේ පසුගිය දා (ජුලි 13) කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රයේ දී  පැවති බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් භික්ෂූණ් වහන්සේ සඳහා ක්‍රියාත්මක කෙරෙන “බුදුපුත් සුරක්ෂා” හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් මෙන් ම පිරිවෙන් ද ඇතුළුව ලක්ෂ 45කට ආසන්න සිසු දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය ලබාදෙන අතර, සියලු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගාමිණී ජයවික්‍රම මැතිතුමන්ගේ මූලිකත්වයෙන් බුදුපුත් සුරක්ෂා රක්ෂණය ලබාදෙන්නට කටයුතු කිරීම ගැන සිය කෘතවේදීත්වය පළ කරන බව ද, විශේෂයෙන් ම  අමාත්‍යවරයා සඳහන් කළේය.

දරුවන්ට අනාගතයක් ඇති කරන්නට කළ හැකි හොඳම ආයෝජනය අධ්‍යාපනය ලබාදීම බවත්, සමබර මනසකින් යුත් දරුවන් ගොඩනඟන්නට පාසලට පැවරෙන වගකීමටත් වඩා වැඩි වගකීමක් දෙමව්පියන් වෙත පැවරෙන බවත්, දරුවන්ට සමීප වෙමින්, දරුවන් හඳුනාගනිමින්, ඔවුන්ගේ හැසිරීම් කෙරෙහි සැලකිලිමත් වෙමින් තරගකාරී අධ්‍යාපනයක් ලබාදීම වෙනුවට මිනිස්කම් හඳුනන, හොඳ හදවතක් ඇති දරුවන් ගොඩනඟන්නට කැපවිය යුතු බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

 මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා,

මම සතුටට පත්වෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, විශේෂයෙන් ම මේ ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් කරන්න දායක වෙන්න හැකිවීම ගැන. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය හඳුන්වා දීලා අපි ඒ යටතේ මේ රටේ පාසල් 10000න් පාසල් 1500කට අලුතින් ම ගොඩනැගිලි ලබාදුන්නා. තවත් ගොඩනැගිලි 5500කට කෝටි ගානින් මුදල් දුන්නා ඒවා අලුත්වැඩියා කරන්න. මම අමාත්‍යවරයා හැටියට වැඩබාරගන්නකොට මේ රටේ පාසල්වලින් විදුලිය තිබ්බෙ පාසල් 60%කට විතරයි. අපි අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් කරල තියෙනවා. භෞතික සම්පත් විතරක් නෙවෙයි මානව සම්පත් සංවර්ධනය කරන්නත් අපි කටයුතු කළා. යැයි ද සඳහන් කළේ ය.

 එමෙන් ම අධ්‍යාපනයේ ගුණාත්මකබව වැඩිකරන්නට ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක් ම  ගන්නා බවත්, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ විෂයයන් 26ක් හඳුන්වා දීම, පාසල් සිසුන්ට ටැබ් ලබාදීම ඇතුළු අධ්‍යාපනයේ විප්ලවීය ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නංවමින් සිටින බවත් අධ්‍යාපන පද්ධතිය තුළ  අලුත් හඳුන්වාදීම් සිදුකරනවිට, ඇතැමුන් කරුණු අනවබෝධයෙන් ඒවාට පහර ගසන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

 බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇතුළු දේශපාලන නියෝජිතවරුන් රැසක් ද, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, ඇතුළු නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

Search