නවතම පුවත්

නූතන ලෝකයට ගැ‍ළපෙන, නව දැනුම සහ කුසලතා සමඟ සංවර්ධනය වන දක්ෂ දරුවන් අධ්‍යාපනයෙන් බිහිකිරීමට හැකිවන අයුරින් පාසල් විෂය මාලාව සකස් කිරීම වෙනුවෙන් නිවැරදි පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

 ඒ අනුව 2023 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත නව විෂය මාලා සංශෝධන යටතේ පාසල් විද්‍යා විෂය මාලාව තුළ මෙතෙක් පැවති ක්‍රමය වෙනුවට පර්යේෂණ මත පදනම් වූ විද්‍යා අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයත්, ජාතික අධ්‍යාපන ආයතනයත්, ජාතික විද්‍යාභීවර්ධන සංගමයත් එක්ව මෙම පර්යේෂණාත්මක ප්‍රවේශයකින් යුත් නව විෂය මාලාව, විද්‍යා විෂය සඳහා හඳුන්වා දීමට මේ වනවිට අවශ්‍ය  පියවර ගෙන ඇත.

අනාගතයට ගැළපෙන ප්‍රවේශයකින්, ලෝකයේ වෙනත් දියුණු රටවල විද්‍යා විෂය සම්බන්ධ පාසල් විෂය මාලාව සකස් ව ඇති ආකාරය පිළිබඳ සැලකිල්ලට ගනිමින්, ආර්ථික සංවර්ධනයටත්, දේශීය අනන්‍යතාවටත් ගැළපෙන විශ්වීය පුරවැසියන් බිහිකිරීම සඳහා මෙම විෂය මාලා සංශෝධනය කෙරේ.

 

STEM Education (Science,Technology,Engineering,Mathematics) හරහා ලෝකයේ පිළිගත් රැකියා අවස්ථා සඳහා දරුවන් ප්‍රවේශ කරවිය හැකි අයුරින් මෙම විෂය මාලා සංශෝධන සිදුකෙරේ.පෙළපොතට සීමා වූ කටපාඩම් කරගත් දැනුමෙන් විභාග සමත්වීමේ අධ්‍යාපනයෙන් දරුවන් බැහැරකරවමින්, වැඩ, ව්‍යාපෘති පාදක ව වඩාත් ප්‍රායෝගික මුහුණුවරකින් විෂය ඉගෙනීමට අවස්ථාව දරුවන්ට සලසා දීමට මෙම සංශෝධන යටතේ පියවර ගැ‍නේ.

ලිඛිත විභාගයකින් පමණක් සිදුකරන ඇගයීම්වලින් බැහැර ව සිසුන් නිරන්තර ව විෂය සම්බන්ධ ඇගයීමට ලක්වන අන්දමේ ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් මෙම විෂය මාලා සංශෝධනයට ද යෝජනා වී ඇත.

සිසුදරුවන්ගේ විශ්ලේෂණ හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව සහ නිර්මාණශීලී චින්තනයට සිසුන්ට වැඩි ඉඩ අවස්ථා සලසමින්  මෙම විෂය සංශෝධන සිදුකිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත.

මේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාතයාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර පාසල් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමෙන් නිසා එම පාසල් පිළිබඳව නිවැරැදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුන් අසා තිබූ ප්‍රශ්න දෙකකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කර නොමැති බැවින්, ඒවාට ගුරුවරුන් බඳවා ගැනීම, ගාස්තු අය කිරීම, නියාමනය වැනි කරුණු සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයට බලය නැති බව ද පැවසූ අමාත්‍යවරයා මේ වනවිට සම්පාදනය කොට අවසන් ව තිබෙන නව අධ්‍යාපන පනතින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ඇතුලු සියලුම වර්ගයේ පාසල් නියාමනයේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරෙන බව ද පැවසීය.

මද්‍රසා පාසල් නියාමනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ගෙන යන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බොහෝ මවුපියන් තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කරන්නේ ඔවුන්ට ඒ සඳහා හැකියාවක් තිබෙන නිසාම නොව පදිංචිය ආසන්නයේ ජනප්‍රිය පාසල් සොයා ගැනීමට නොහැකි නිසා මෙන් ම තදබදය නිසා රජයේ පාසලකට ඇතුළත් කර ගැනීමට තිබෙන දුෂ්කරතා හේතුවෙන් බවත් සඳහන් කළ අමාත්‍යවරයා පළමු වැනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට ශක්තිමත් චක්‍රලේඛයක් සකස් කර ඇති අතර සියලුම ජාතික පාසල්වල 1 සහ 6 ශ්‍රේණි හැර අතර මැද පන්තිවල පුරප්පාඩු පිළිබඳව පුවත්පත් දැන්වීම් පළ කොට සම්මුඛ පරීක්ෂණ මගින් සුදුස්සන් බඳවා ගැනීමට ක්‍රියාකර ඇති බව ද පැවසීය.

ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා ඉදි කිරීමට යෝජිත තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අද (28) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

එහිදී අධ්‍යාපන අමාත්‍යතුමන් විසින් ගණිත, විද්‍යා,තාක්ෂණ විද්‍යාගාර සහ දේශන ශාලා වලින් සමන්විත නව පස් මහල් ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීම ද සිදු කළා

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර ප්‍රධාන පෙළේ විවිධ සමාගම්වලින් රැකියා ලබාදීමට දැනට ම ඉල්ලීම් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ ජාතික හා පළාත් පාසල්වල දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීන් 226 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (21) පැවති උත්සවය අමතමිනි.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් දැන් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) සමත් වූවත් - අසමත් වූවත් උසස් පෙළ පන්තියට ඇතුළත් වී ක්ෂේත්‍ර හතකින් ව්‍යවහාරික විෂයයන් 26ක් හැදෑරීමට සිසුනට අවස්ථාව උදා වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක රැකියා සදහා වෘත්තීය විෂයයන් හැදැරූවන්ට දැඩි ඉල්ලුමක් පවතින නිසා සාමාන්‍ය පෙළ අසමත් සිසුන් පමණක් නොව සමත් සිසුන්  පවා එම වෘත්තීය විෂයයන් හැදැරීමට ඉදිරිපත්වී සිටින බව ද අමාත්‍යවරයා කීවේය.

 ශ්‍රී ලංකාවේ නුපුහුණු ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් රැකියා සදහා මැදපෙරදිග රටවල් වෙත ගමන් කරන නමුත් මෙම විෂයය හැදෑරීමෙන් පසු ඉදිරි කාලයේ රැකියා සඳහා මැද පෙරදිග නොව‍ ලෝකයේ දියුණු රටවලට ගොස් ඩොලර්, යුරෝ ආදී විශාල  ධනයක් උපයා ගැනීමේ අවස්ථා හිමිවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකා, මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ද ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි සහ අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ යන මහත්වරු ද උත්සව සභාව ඇමතූහ .

රටේ අනාගතය  රඳා පවතින්නේ දරුවන්ගේ අනාගතය මතයි.
රටේ ඉදිරි ගමන වෙනුවෙන් දරුවන්ගේ අනාගතය හැඩගැස්වීම උදෙසා පාසල් අධ්‍යාපනය තුළින් ලබා දිය හැකි දායකත්වය ඉතා විශාලය.
නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන ලංකාව වැනි  රටක අප මේ ජිවත් වන්නේ අධ්‍යාපනය සැබෑ ලෙස නිදහස්වන කාල වකවානුවකයි.
දේශපාලන සහ සමාජීය බලපෑම් හේතුවෙන් පාසල් අධ්‍යාපනය නිසි මගකට ගැනීමට  ගත වූ වසර කිහිපයේ අපොහොසත් වූ අප, දැන් ගත කරනුයේ 'බැහැ' කී සියල්ල 'කළ හැකි බව ' සනාථ කරන අවදියකය.
ගෙවී ගිය වසර හතරක කාලයක තුළ මෙරට පාසල් අධ්‍යාපනය 'විප්ලවීය මාවතකට ' පිළිපන් අතර වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය ඊට ප්‍රධානතම සාධකය බවට පත් විය.
ගෙවුණු සිව් වසරේ මෙරට පාසල් අධ්‍යාපනයේ ක්‍රියාත්මකවූ  ඉතිහාසගත වැඩසටහන් රැසකි.

•  13 වසරක සහතික කළ අධ්‍යාපනය
  • සිසුන්ට තෝරාගතහැකි ලෙස නව ලොවට ගැළපෙන වෘත්තීය විෂයන් 26 ක් ඇතුළත් උසස් පෙළ වෘත්තීය විෂයධාරා හඳුන්වා දීම. 
  • මේ යටතේ සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකා 13වසරක අධ්‍යාපනයක් ලැබීමට සිසුන්ට අවස්ථාව.
  • වෘත්තීය විෂයයන් හදාරන සියලූ සිසුන්ට ආයතනික පුහුණු කාලය තුළ දිනකට රුපියල් 500 බැගින් වන දීමනාවක් 
  • රැකියාගත පුහුණු කාලසීමාව අවසානයේදී  NVQ Level 4 මට්ටමේ ප්‍රවීණතා සහතිකය සමඟ  විභාග දෙපාර්තමේන්තුවෙන් වෘත්තිය අධ්‍යාපනය පිළිබඳ  උසස්  සහතිකය  පිරිනැමේ. (Advanced Certificate in Vocational Education) 
  •                                    

                 

•  අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට
  • ප්‍රථම වතාවට ලෝකයේ කොතැනක සිටියත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික ධභඛෂභෑ ක්‍රමයට ලබාගැනීමේ අවස්ථාව.
  • අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග, ගුරු ගැටළු ආදියට කඩිනමින් විසඳුම් ලබාගැනීමට හැකි අයුරින් මෙරට සියලූ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ තොරතුරු ONLINE ක්‍රමයට.
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් ONLINE ක්‍රමයට
                                                                     
                 
• පාසල් අධ්‍යාපනයට නව පනතක
 
  • යටත් විජිත සමයේ සිට පැවති 1939 අංක 31 දරන අධ්‍යාපන ආඥා පනත වෙනුවට දැනට තිඛෙන අධ්‍යාපනය හා සම්බන්ධ පනත්, ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්ති, අධ්‍යාපනය පිළිබඳ ගෝලීය ප්‍රවණතා හා දේශීය අවශ්‍යතා හඳුනාගනිමින් නව අධ්‍යාපන පනතක් ගෙන ඒමට පියවර. 

•  කලණ මිතුරු - පොත් සුමිතුරු
  • පාසල් සිසු දරුවන් අතර පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ වසරේ වැඩිම පොත් කියවූ දරුවන්ට පදක්කම් 
  • විශිෂ්ටයන් 100කට විදෙස් අධ්‍යාපන සංචාරයක්.
  • පාසල් පුස්තකාල පොත් මිළ දී ගැනීමට රුපියල් මිලියන 700 ක්. 
  • ගුණාත්මක පොත්පත් හඳුනාගැනීම සදහා මගපෙන්වන ජාතික ග්‍රන්ථ නාමාවලියක්.
                         
•  ගෝලීය අවශ්‍යතාවන්ට ගැළපෙන විෂයමාලා සංවර්ධනය
 
  • 21 වැනි සියවසේ ගෝලීය අභියෝගවලට සාර්ථක ව මුහුණ දිය හැකි පුරවැසියෙක් බිහිකිරීම සඳහා ගැළපෙන පරිදි පාසල් විෂය මාලාව නවීකරණයටත්, සංවර්ධනයටත් පියවර. 
  • විසිඑක්වන සියවසේ ගුරු භූමිකාවට උචිත පරිදි ගුරු අධ්‍යාපන විෂය මාලා සංශෝධනය හා යාවත්කාලීන කිරීම
  • විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත විෂය නිපුණතාවන්ට නැඹුරු අධ්‍යාපනයක් (STEM)
•  යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් නගා සිටුවීම
  • විද්‍යාගාර පහසුකම් නැති පාසල් 3,000 ක් සදහා රුපියල් මිලියන 450 ජංගම විද්‍යා කට්ටල ලබාදීම 
  • ගුරු අධ්‍යාපන විද්‍යාපීඨවල නේවාසිකාගාර දේශන ශාලා සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම
  • අංග සම්පූර්ණ ගුරු පුහුණු මධ්‍යස්ථාන 39 ක් කලාප මට්ටමින් ඇති කිරීම
  •  වතු පාසල් නගාසිටුවීම යටතේ පාසල් 25 ක් ද්විතියික පාසල් බවට පත්කිරීමේදී අවශ්‍ය නව ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 102ක් , පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 35ක්, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට රුපියල් මිලියන 112ක්
  •  ඉ - තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් බිහිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,714ක් 
• ළඟම පාසල-හොඳම පාසල
  • මේ යටතේ ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් 9000 ක් එකවර සංවර්ධනය කිරීමට පියවර. 
  • සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65,000කි. 
  • ව්‍යාපෘති සංඛ්‍යාව 18,000කි.
 
      පාසල් 98%කට විදුලිය, 
      සනීපාරක්ෂක පද්ධති 3,094ක්,
      වැසිකිළි ඒකක 40,000ක්, 
      නව පාසල් ගොඩනැගිලි 1,500ක්, 
      ගොඩනැගිලි අලූත් වැඩියා කිරීම් 5,000ක්,
      ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන 294ක්, 
 
  • මීට අමතර ව නව පරිගණකාගාර, සුහුරු පන්ති කාමර, ද්විතීයික තාක්ෂණික විද්‍යාගාර ගුරු නිවාස, විදුහල්පති නිවාස, මෙම ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇත.

  • ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් සියලූ පහසුකම් සපිරි පාසල් ව්‍යුහයක් ඇති කිරීම(මේ යටතේ කුරුණෑගල මගුරුඔය වත්තේ විශ්වෝදා ජාතික පාසල ආරම්භ කර ඇත. ජන ඝනත්වය වැඩි අනෙකුත් දිස්ත්‍රික්කවල ද මේ වන විටත් මෙවැනි    පහසුකම් සපිරි පාසල් ඉදි කිරීමට කටයුතු කිරමින් පවතී.)
 
               
• සුරක්ෂා සිසුරක්ෂණාවරණය
  • නිදහස් අධ්‍යාපනයෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන, සුරක්ෂා  සිසුරක්ෂණාවරණය මගින් අවුරුදු 5-21 වයස් සීමාවේ සිටින මිලියන 4.5ක් වූ සියලූම රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් හා ජාත්‍යන්තර පාසල්වල සිසුන් සඳහා ප්‍රතිලාභ හිමිවේ.
  • 2018-12-01 සිට 2019-08-08 දින වනවිට සුරක්ෂා රක්ෂණය යටතේ ඉල්ලීම් 19,000කට පමණ රුපියල් මිලියන 890ක පමණ ප්‍රතිලාභ ගෙවා ඇත.


•  පාසල් සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක
  • පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දීමට පියවර. 
  • පළමු අදියර යටතේ මෙම සැත්තැම්බර් මාසයේදී සියලූ ජාතික පාසල්වල  උසස්  පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක 97,000ක්.
  • දෙවන අදියරේදී සියලූම පාසල්වල උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක 
       
•සුබග ශිෂ්‍යත්ව වැඩසටහන
  • නව නිපැයුම්, සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල විශේෂ දක්ෂතා දක්වන සුබග සිසුන් 1,000ක් වසරක් පාසා තෝරාගනිමින් ඔවුන් සඳහා රු. 50,000ක් බැගින් ශිෂ්‍යත්ව ලබා දීම.
           
• පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක්
  • ඉතිහාසයේ පළමු වරට පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් බඳවාගැනීම 
  • මෙම පුහුණුකරුවන් තෝරාගනු ලැබූවේ ක්‍රීඩා ක්ෂේත්‍රයන් ජාත්‍යන්තර, ජාතික හා පළාත් මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වීම විශේෂත්වයකි.
           
•  බඳවාගැනීම් සහ දීමනා
  •   ගුරුවරුන් - 20,110
  •  ගුරු අධ්‍යාපනඥයින් - 353
  •   විදුහල්පතිවරුන් - 5,819
  •   අධ්‍යාපන පරිපාලන නිලධාරීන් - 722
 
  • විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 4,286කට සැත්තැම්බර් මාසයේ දී ගුරුපත්වීම් ලබාදීටම පියවර
  • ශ්‍රී  ලංකා ගුරු උපදේශක සේවාව ස්ථාපිත කරමින් ගුරු උපදේශකයින් 4,471බඳවාගැනීමට පියවරගෙන ඇත 
  • විදුහල්පතිවරුන් සඳහා පැවති දීමනාව රු 750 සිට රු 6,500 දක්වා වැඩි කිරීම
  • විද්‍යාපීඨ සදහා බදවාගන්නා ශික්ෂණලාභීන් ප්‍රමාණය 3,500 සිට 4,000 දක්වා වැඩි කිරීම. 
  • එකවර සිසුන් 8,000ක් මෙවර විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම.
  • විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව රු. 3,500 සිට 5,000 දක්වා වැඩි කිරීම
  • වතු පාසල් හා ධර්මාචාර්ය ගුරු සහායක දීමනාව රු. 6,000 සිට 10,000 දක්වා වැඩි කිරීම
                                                          •  මානව සම්පත් සංවර්ධනය
  • ගුරු, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ විදෙස් පුහුූණු අවස්ථා සඳහා කරන ලද වියදම  රුපියල් මිලියන 269ක් 
  • සිංගප්පූරුව, ඕස්ටේ්‍ර්‍රලියාව,ජපානය,කොරියාව,පිලිපීනය,ඉන්දියාව,බි්‍රතාන්‍ය රුසියාවතායිලන්තය, මැලේසියාව, චීනය යන  විදෙස්  රටවල  පුහුණුව ලැබූ ගුරු, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ සංඛ්‍යාව 2,913කි   
       •  ගුරු 653  • විදුහල්පති 719   • ගුරු අධ්‍යාපනඥ 1,023   • අධ්‍යාපන පරිපාලන 418
 
•  පිරිවෙන් අධ්‍යාපනය නංවාලීම
  • පිරිවෙන් පුස්තකාල පොත් සහ කාර්යාල උපකරණ සඳහා රුපියල් මිලියන 10 ක් 
  • පරිවෙණාචාර්ය පත්වීම් 600ක්
  • පරිවේණාධිපති කාර්යාල සෑදීම සඳහා රුපියල් මිලියන 70 ක ප්‍රතිපාදන
  • රුපියල් 260,000 බැගින්  පිරිවෙන් 485 ක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 200ක් 
  • රුපියල් ලක්ෂ 9 ක් වටිනා සනීපාරක්ෂක පහසුකම් පිරිවෙන් 100 ක් සඳහා ලබා දීම
  • පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලූම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 150ක් ලබාදීමට පියවර
  • බෞද්ධ දස සීල මාතා අධ්‍යාපන ආයතන නීතිගත කිරීම සහ එම ආයතනවල සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර
                 
•  ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග
  • ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිම 
  • එකම පාසලක සේවා කාලය වසර 10ට වැඩි සියලූ ගුරුවරුන්ට ස්ථාන මාරු
  • ජාතික අධ්‍යාපන  ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අධ්‍යාපනවේදී උපාධිය තෙක් ඉහළ නැංවීම
  • නිල ඇදුම් රෙදි වෙනුවට පාසල් දරුවන් සදහා නිල ඇදුම් වවුචර පත් ලබාදීම
  • පළවෙනි ශ්‍රේණියට  ළමුන් ඇතුලත් කිරීමට පැවති ක්‍රමවේදය සාධාරණ සහ යුක්ති සහගත ලෙස සංශෝධනය කිරීම
 
 
 
 
 
 

ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය තහවුරු කරමින් ළමා නිවාසවල දරුවන්ට ද ආසන්නත ම ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා පසුගිය දා  නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. එමෙන් ම එසේ ඇතුළත් කරගන්නා දරුවන්ට ද සෙසු දරුවන්ට මෙන්  සමානත්වයෙන් සැලකීමට පියවරගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

 ඒ අනුව, රජයේ ලියාපදිංචි වී ඇති ළමා නිවාසවල සිටින දෙමව්පියන් අහිමි දරුවන්ට ළඟම පිහිටි ජාතික පාසලට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2019-07-31 දිනැති අංක 38/2019 දරන චක්‍රලේඛය මගින් සියලු ම ජාතික පාසල්වල විදුහල්පතිවරුන් වෙත  දැනුම් දී ඇත.   

ළමා නිවාසවල සිටින දෙමව්පියන් අහිමි දරුවන් අතරමැදි ශ්‍රේණිවලට ඇතුළත් කිරීමේ දී අදාළ ළමා නිවාසයේ භාරකරු විසින් යොමුකරන ලද  අයදුම්පත පරීක්ෂා කර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පාසලට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතු බවට ද මෙම චක්‍රලේඛයේ සඳහන් වේ.

එමෙන් ම, පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළව නිකුත් කර ඇති  29/2019 චක්‍රලේඛයේ 4.5 උප වගන්තියේ සඳහන් පරිදි ළමා නිවාසයක සිටින සෑම ළමයෙකුගේ ම  නීත්‍යානුකූල භාරකරු ලෙස ළමා නිවාසයේ භාරකරු සැලකේ.  ඒ අනුව අදාළ  ඉල්ලුම් පත් යොමුකිරීම ළමා නිවාසයේ  භාරකරුට පැවරේ. එම භාරකරුවන්ට ස්වකීය ළමා නිවාසවල සිටින දරුවන්ගේ අනාගත අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන් දිරි ගැන්වීම පිණිස ඔවුන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු  කරයි.

 රටේ ජාතික ආදායම වර්ධනය කිරීම සඳහා රජයට නොමසුරුව ආදායම් බදු ගෙවන්නන්ගෙන් ලැබෙන දායකත්වය ඇගයීම හා දිරි ගැන්වීම, මෙවැනි අවස්ථාවක් ලබාදීමේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 මෙම දරුවන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්නායක සකස් කිරීමේ දී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා කියයි.

 අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) මේ වැඩපිළිවෙල සම්බන්ධ මූලික සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ප්‍රමුඛ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ ඉදිකිරීම් නිම කර ඇති ද්විතීයක කනිෂ්ඨ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා . රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතාද මෙම අවස්ථාවට එක් වුණා.

එම උත්සවයේ විශේෂ අවස්ථා මෙසේයි.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවය යන සේවා තුනෙහි නිලධාරීන්ට  විශ්‍රාම ලබා ගැනීම සඳහා අවසරදීමට තමන් සතුව පැවැති බලය, රාජ්‍ය සේවා කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරනු ලබයි.

සියලු ලිපි ලේඛන සහිත ව ඉදිරිපත් කරන ලද විශ්‍රාම ලිපි ගොනුවලට පවා අවසර ලබාදීමේ දී සිදු වූ අපහසුතා හේතුවෙන් ඇතැම් නිලධාරීන් මාස ගණනක් විශ්‍රාම වැටුප ලබා ගැනීමට ප්‍රමාද වූ බවට අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිසමෙන් කරන ලද ඉල්ලීම් සඳහා ප්‍රතිචාර වශයෙන් මෙම බලය පැවරීම සිදු කර ඇත.

විනය කරුණු හා වෙනත් ගැටලු සහිත නිලධාරීන් හැර, සාමාන්‍ය ක්‍රමය යටතේ නියමිත දිනයේ දී විශ්‍රාම ලබා ගැනීමට ඉල්ලා ඇති නිලධාරීන් ට පමණක් අවසරදීමට අමාත්‍යාංශයට බලය ලැබී ඇත.

විශ්‍රාම ලබා ගැනීමට අපේක්ෂිත නිලධාරීන් මාස හයකට පෙර සිය අංගසම්පූර්ණ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුය.

එම සේවා තුනේ විසිදෙදහසකට ආසන්න නිලධාරි පිරිසකට මේ අනුව නියමිත දිනයේ දී විශ්‍රාම ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර විශ්‍රාම ගැනීමට අපේක්ෂිත ජාතික පාසල් ගුරුවරුන් ද, පළාත් පාසල් ගුරුවරුන් ද සිය විශ්‍රාම අයදුම්පත් පළාත් අධ්‍යාපන කාර්යාල වෙත යොමු කළ යුතුව තිබේ. සිය අංගසම්පූර්ණ අයදුම්පත් මාස 06 කට පෙර එම කාර්යාල වෙත යොමු කිරීමෙන් ප්‍රමාදයකින් තොරව නියමිත දිනයට විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද අමාත්‍යාංශය පවසයි

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා රුපියල් 500ක දෛනික දීමනාවක් ලබාදීම ට අදාළ ව බැංකු පොත් ප්‍රදානය කිරීමේ නිල උත්සවය අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු සිසුන්ට ස්වකීය වසර දෙකක අධ්‍යයන කාලසීමාවෙන් ආයතනගත වෘත්තීය පුහුණුව ලබන මාස හයක කාලසීමාව තුළ දෛනික ව රුපියල් 500ක් බැගින් වන දීමනාවක් හිමි වන අතර, ඒ අනුව සිසුන්ට තම පුහුණු අවශ්‍යතා වඩාත් සක්‍රීය ව ඵලදායී ලෙස කරගැනීමට එය පිටුබලයක් වනු ඇත.

බොහෝ දියුණු රටවල් පාසල් අධ්‍යාපනය තුළ වෘත්තීය අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දුන් නමුත් ශ්‍රී ලංකාවේ එවන් නැඹුරුවක් නොපැවති බවත්, මේ නිසා රැකියා සහ අධ්‍යාපනය එකිනෙකට ගැළපීමෙහි ගැටළු පැවති බවත්, පාසල් මට්ටමේ සිට අනාගත වැඩලොවට ගැළපෙන ශ්‍රමසම්පත ගොඩනැගීමට හැකිවන අයුරින් න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සිසුන් වෙත ලබාදීමට අවස්ථාව සලසා දෙන්නට තීරණය කළේ මේ නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

සාම්ප්‍රදායික රැකියා කිහිපයක් ගැන සිහින මැවීම වෙනුවට අනාගත ලෝකයේ චලනයන් හඳුනාගනිමින් දරුවන්ට ඉදිරියට යන්නට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන තුළින් අවස්ථාව සලසා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා රුපියල් 500ක දෛනික දීමනාවක් ලබාදීම ට අදාළ ව බැංකු පොත් ප්‍රදානය කිරීමේ නිල උත්සවයේ ඡායාරූප පහතින්.

ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ පරගහදෙණිය ජාතික පාසලේ ඉදිකිරීම් නිම කර ඇති පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා

Search