නවතම පුවත්

“ගුරුගෙදර අඬහැරය” ලෙස නම් කර තිබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2017 අලුත් අවුරුදු උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද (27) පැවැත්වුණා.

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර දී පැවැත්වීමට නියමිත 68 වැනි ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනයට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට් පත් ප්‍රදානය ඊයේ (19) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

පළමු වසර සදහා ළමුන් ඇතුළත් කිරීමට අදාලව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ට ලබාදෙන කොටාව සදහා දරුවන් තෝරාගැනීමේදී යුධ සමයේ ක්‍රියාන්විත රාජකාරි වලදී අබාධිත සහ ශාරීරික දුබලතාවයන්ට තත්වයට පත්වූ රණවිරුවන්ගේ දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා.

ඊට සමගාමීව පාසල්වල පළමු හා දෙවන ශ්‍රේණි සදහා ද ඉංග්‍රීසි භාෂා පෙළ පොතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට ඉංග්‍රීසි භාෂා පෙළ පොත් සකස් කර ඇත්තේ 3 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණයි.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු ඉල්ලීම් සමාලෝචන කමිටුව පත්කිරීමට පියවර ගෙන ඇති අතර ඊයේ (19) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් එම කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණා. මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයේ ඒ සඳහා පිහිටුවා ඇති කාර්යාලය මගින් හෝ http://edulk.info/rti/ වෙබ් අඩවිය හා සම්බන්ධ වීම මගින් ලබාගැනීමේ හැකියාව සලසා දී තිබෙනවා.

ජාතික සහ පළාත් මට්ටමින් අධ්‍යාපන පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කලාප අධ්‍යාපන කාර්යයාල 98 ක් ක්‍රියාත්මක වන අතර ඇතැම් කලාප අධ්‍යාපන කාර්යයාල හරහා පාසල් විශාල සංඛ්‍යාවක් පාලනය කිරීමට සිදුවීමෙන් පරිපාලනය ගැටළු රැසක් මතුව ඇති බවයි වාර්තාවන්නේ.

දෙවන පාසල් වාරය සඳහා අප්‍රේල් මස 26 වන බදාදා පාසල් ආරම්භ කෙරේ.

නිරෝගී සුරක්ෂිත දරු පරපුරක් පාසල් පද්ධතිය තුළින් බිහි කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යය වන බැවින් පාසල් පරිසරයේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට දෙවැනි පාසල්වාරය ආරම්භයත් සමඟ කටයුතු ‍කරන ලෙස සියලු විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව, දෙමව්පියන්, ආදිශිෂ්‍ය ප්‍රජාව,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ ද සහාය ලබාගනිමින් පාසල් පරිසරය මදුරුවන්ගෙන් හා කසලවලින් තොර පරිසරයක් බවට තහවුරු කර ගැනීම හා ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන් ක්‍රියාත්මක විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටිනවා. මේ වන විටත් මේ සම්බන්ධ ක්‍රියාමාර්ග සෑම පාසලක ම පාහේ ගෙන ඇති වුවත් පාසල් ආරම්භ කෙරෙන 26 වන දින තවදුරටත් මෙම කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අවශ්‍ය පිළියම් යොදා දරුවන් වෙනුවෙන් සුරක්ෂිත පාසල් පරිශ්‍රයක් පවත්වාගෙන යාහෙම් අවශ්‍යතකාවය අමාත්‍යාංශය මෙහි දී අවධාරණය කරනවා.

නවීන තාක්ෂණය භාවිතා කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් පොත් බෑගයක් වෙනුවට ටැබ් පරිගණකයක් අතින් ගත් සිසු දරුවකු පාසල වෙත පියනගන කාලය වැඩි ඈතක නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා භාවිත කිරීමේ වැඩසටහන් කිහිපයක් සමාරම්භ කිරීමේ අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

පාසල් වල අධ්‍යාපනික සේවා සහ භෞතික සම්පත් පිළිබද ගැටළු අධීක්‍ෂණය කිරීම සදහා විධිමත් පාසල් සුපරීක්ෂණ යාන්ත්‍රණයක් සැකසීමේ කටයුතු වේගවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

1959 වසරේ ඇරඹි ශ්‍රී ලංකාවේ තනි දේශපාලන පක්ෂයක් සතු විශාලතම වෘත්තීය සමිතිය වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය ශක්තිමත් කරමින් සාමාජිකත්වය ඉහල නැංවීම, නව ජවයකින් වැඩබිමේ බලමුළු ඒකරාශී කිරීම සහ සමාජික සුබ සාධනය අරමුණු කරගනිමින් ජාතික සේවක සංගමයේ සභාපති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ නායකත්වය යටතේ නව වැඩසටහනක් දියත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවීම සදහා හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (18) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියා. ඒ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සඳහායි. මෙම ගැටලු වලට පිළියම් යෙදීම සඳහා වහාම ක්‍රියාත්මකවන ලෙස මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එළඹෙන ඉදිරි මාස කිහිපය තුළ ප්‍රමුඛතාව ලබා දිය යුතු කාර්යයන් කෙරේ අවධානය යොමු කරමින් ඒවා 2017 වර්ෂය අවසාන වීමට පෙර නිම කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු නිලධාරීන්ට සිහිපත් කළා. ඒ අද (17) උදෑසන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සකස්කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

Search