නවතම පුවත්

ජර්මනියේ ස්ටුට්ගාඩ් හි 2017 අප්‍රේල් මස 16 දින සිට 22 දින දක්වා පැවැති 24 වන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා තම විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කර ජයග්‍රහණ ලබා ගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න සහ මන්නාරම සිත්ති විනායගම් හින්දු විද්‍යාලයේ ජිතේන්ද්‍රන් ජූට් සජිත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ ඇගයීමට ලක් වුණා. ඒ, එම ශිෂ්‍යයින් ඇගයීම වෙනුවෙන් අද (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති උත්සවයේදී.

ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය සමග එකතුවීමටත් මෙරට තුළ නවීන තාක්ෂණික දැනුමින් සන්නද්ධ පිරිසක් බිහිකිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහතික සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විදේශගත වන පිරිස් වෙත විභාග දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ලබාදෙන විභාග සහතිකවලට අමතරව එම සහතිකවල පිටපත් අදාළ විදේශ තානාපති කාර්යාල වෙත ද යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

අ.පො.ස. (සා.පෙළ) සමත් ව උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසල්වලට ඇතුළත්වන සිසුන් එම පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවල දී ඔවුන්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයන් හා පාසල මගින් එම සිසුන්ගෙන් අයකර ගන්නා මුදල් පිළිබඳ සවිස්තර වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

2009 හා 2010 වර්ෂයන්හි දී විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට බඳවාගත් නිලධාරීන් ii ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලේඛන පරීක්ෂාව 2017 ජූනි මස 2, 5, 6 සහ 12 යන දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ. ඒ සඳහා අයදුම්පත් යොමු කර ඇති සංඛ්‍යාව 1056 කි.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන සහ පුරාවස්තු හඳුනාගැනීම සහ සංරක්ෂණය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ විශේෂ උපදෙස් හා මඟපෙන්වීම් මත මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මේ වනවිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකව පවතිනවා.

Search