නවතම පුවත්

ජාතික සේවක සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අද උදෑසන ජාතික සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ අලුත් අවුරුදු තේමේසය සදහා ජාතික සේවක සංගමයේ සාමාජිකයින් සමගින් එක් වුනා.

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සහ ලෙස්‍ටර්-සුමිත්‍රා යුවළ දේශීය සිනමාවට සිදුකළ අද්විතීය මෙහෙවර අගය කරමින් මූල්‍ය පරිත්‍යාගයක් අද (07) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් විසින් සිදුකෙරුණා.

ඇටම්පොල විහාරයේ (ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය) දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (2) සවස ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශ වාසීන් හා දහම් පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූණා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා " සමෘද්ධි දිරිය පියස " වැඩසටහන යටතේ කුලියාපිටිය බටහිර හා නැගෙනහිර ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ ආවරණය වන පරිදි තෝරාගත් පවුල් කිහිපයක් සදහා නිවාස ලබා දීම සහ තවත් පවුල් කිහිපයක් සඳහා අවශ්‍ය නිවාස ඉදිකිරීම සදහා මුල්ගල තැබීම ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදුකෙරුණා.

පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාලව පැවතීම හේතුවෙන් මතුව තිබූ ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් හැකි වූ අතර අමාත්‍යවරයාගේ උපදෙස් මත පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථානවල ගවේශණ හා සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකි වී තිබෙනවා.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහ SDB බැංකුවේ දායකත්වයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව වැඩමුළුවක් කුලියාපිටිය නගර ශාලාවේ දී පැවැත්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන් ජීවත් වූ කැප්පෙටිපොල වලව්ව විනාශවීමේ අවදානමක පවතින බව සඳහන් වූ ප්‍රවෘත්තියක් අද (06) මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

කුලියාපිටිය ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන් කිහිපයක් ඊයේ (02) දවස පුරා ගරු අධ්‍්‍යාපන අමාත්‍ය, කුරුණෑගල එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායක අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

2017 අප්‍රේල් මස 16 දින සිට 22 දින දක්වා ජර්මනියේ ස්ටුට්ගාඩ් හි පැවැත්වෙන 24 වන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා තම විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබූ සිසුන් දෙදෙනාට ගුවන් ටිකට්පත් ප්‍රදානය අද (07) උදෑසන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා. මෙහිදී අමාත්‍යවරයා අතින් ගුවන් ටිකට් පත් ලබාගත්තේ Modification of Microbiology fuel cells via the immobilization of the anaerobe Clostridium butyricum and Escherichia coli-XII blue පර්යේෂණය ඉදිරිපත් කරන මන්නාරම සිත්ති විනායගම් හින්දු විද්‍යාලයේ ජිතේන්ද්‍රන් ජූට් සජිත් හා Deposition of air pollutants on pollen grains and occurrence of respiration allergies among humans පර්යේෂණය ඉදිරිපත් කරන කොළඹ නාලන්ද විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න යන සිසුන්.

කුලියාපිටිය නගරයට යනෙන ජනයාගේ පහසුව වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කරනු ලබන උමං මාර්ගය වෙනුවෙන් කුලියාපිටිය රෝහල සහ බස් නැවතුම්පොළ ආසන්නයේ මුල් ගල තැබීමේ උත්සවයන් දෙකක් ඊයේ පැවැත්වූයේ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ඔබට අවශ්‍ය ආකාරයට ලෝකය වෙනස් කිරීමට නම් පළමුව එම වෙනස තමා තුළින්ම ඇති විය යුතු බව මහත්මා ගාන්ධි විසින් පවසා ඇති බවත් ඒ අනුව තිරසාර සංවර්ධනය සඳහා වන වෙනස තමා තුළින්ම ඇති කර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (03) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැති ‘තිරසර ලංකා ජාතික මංගල්‍යය’ ජාතික මහෝත්සවයට සමගාමීව පැවැත්වෙන අධ්‍යාපනික ප‍්‍රදර්ශනය නිමිත්තතෙන් පැවති උත්සවයකට එක්වෙමින්.

Search