නවතම පුවත්

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉදිකරන ලද වෙසක් කලාපය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඉන්දියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කිරන් රිජිජු අතින් ඊයේ (15) සිදු කෙරුණා.

මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ඛේදවාචකය හේතුවෙන් තම මව පියා හා සහෝදරිය ඇතුළු පවුලේ සියලු ම සාමාජිකයන් අහිමි වූ අනුජ නෙත්සර ශිෂ්‍යයා වෙත කොළඹ නාලන්ද විදුහලේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව සකස් කර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

චීනයේ ෂැංහයි නුවර පැවැත්වෙන අධ්‍යාපන සම්මන්ත්‍රණයකට (Seminar for Education administrators from developing countries)සහභාගීවීම සදහා දිවයිනෙන් පිටත්ව යන පසුගිය වසරේ අලුතින් පාසල් පද්ධතියට බඳවාගත් විදුහල්පතිවරුන් 16 දෙනෙකු අද (03) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මුණ ගැසුණා.

ප්‍රථම වරට ඉන්දියාවේ ඉදිකරන ලද වෙසක් තොරණ විවෘත කිරීමට ද නියමිතයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉදිකරන ලද වෙසක් කලාපය විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය කාරියවසම් මහතා අද (15) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.

මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර මේ වනවිට ජාත්‍යන්තර සංවිධාන හා ආයතන, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන මෙම කටයුත්තට දායකත්වය දක්වමින් සිටියි . ශ්‍රී සම්බුද්ධ චරිතය හා බොදු සිතුවිලි හා බුද්ධාලම්භන ප්‍රීතිය ඉස්මතු වන ආකාරයට නිර්මාණ ඉදිකිරිම මේ වනවිටත් ආරම්භ වී ඇත.

වතු පාසල් සහ දිවයිනේ වෙනත් පාසල් වල සේවයේ නිරත ගුරු සහයකයින්ට රජය විසින් ලබාදුන් රු.6000 ක දීමනාව රු.10000 දක්වා ඉහල නැංවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කරන ලද ඉල්ලිමක ප්‍රතිථලයක් ලෙසයි.

පාසල් නඟාසිටුවීම වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන දක්ෂ විදුහල්පතිවරුන් පිරිසක් රට තුළ නිර්මාණය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත වැඩසටහන් රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරමින් සිටින අතර දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථා විදුහල්පතිවරුන් වෙනුවෙන් ලබා දීමට ද අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

“රට සංවර්ධනය කිරීම සඳහා සියලු රටවල් සමග මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීමට යහපාලන රජයට හැකි වී තිබෙනවා”

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පුරාවිද්‍යා වැඩබිම්වල සංරක්ෂණ කටයුතු වල තාවකාලික සහ අනියම් පදනම මත සේවයේ යෙදී සිටි ⁣සේවක මහත්ම මහත්මීන් 1660 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබෙනවා.

අප මේ සමරන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වැනි වෙසක් සැමරුම් උත්සවයයි. ‍සම්බුදු තෙමඟුල සැමරීම අරමුණු කරගනිමින් ලොව පුරා සියලු බෞද්ධ ජනතාව භක්ත්‍යාදරයෙන් සමරන උතුම් වූ වෙසක් දිනය මෙවර ශ්‍රී ලාංකිකයින් වන අපට අතිශයින් වැදගත් වෙයි. එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සහ ලෝක බෞද්ධ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම සතුටට කරුණකි.

බලලෝභී දේශපාලකයන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීමට වෘත්තීය සමිති මෙතෙක් අහිංසක රෝගීන් බිල්ලට ගත් පරිදි පාසල් දරුවන්ගේ අනාගතය ද අඳුරට ඇද දැමීම සඳහා ඇතැමුන් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් රටට ආදරය කරන කිසිදු වෘත්තිකයකු මෙවැනි ඊනියා විරෝධතාවන් සඳහා සම්බන්ධ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

මේ වන විට බරපතල පාරිසරික ගැටළුවක් බවට පත් වී ඇති කැළි කසල ගැටළුවට පිළියම් යෙදීම සඳහා පාසල් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා. කැළි කසල ගැටළුව සඳහා තිරසාර විසඳුම් ලබාදීමට අවශ්‍ය මගපෙන්වීම පාසල් දරුවන් හරහා සමාජගත කරමින් කසල කළමණාකරණය සඳහා පාසල් ප්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන් ඒ සඳහා ප්‍රායෝගිකව සම්බන්ධ කරගැනීම මෙම නව වැඩසටහනේ අරමුණයි.

Search